කිවිවරු රගර් රජවරු වෙති
නවසීලන්තයේ ඕක්ලන්ඩ් හී ඒඩ්න් පාක් හී පැවති හයවන ජගත් රග්බි කුසලාන තරගයෙන් නවසීලන්තය, ප්‍රංශය පරදවා ලකුණු 8 -7 ක් ලෙස තියුණු ජයක් ලැබුවා.
මූලික වටයට එකම කාණ්ඩයකින් තරග වැදි මෙම දෙපිල එම වටයේ මුණ ගැසුණු විට ප්‍රතිපලය වූයේ ද නවසීලන්තය ජය ගැනීමයි.නමුත් ලකුණු 37 – 17 ක් වූ එම පහසු ජය නිසා ඇතැමුන් මෙය නවසීලන්තයට ඉතා පහසුවෙන් කුසලානය රදවා ගත හැකි තරගයක් ලෙස සිතුවද නවසීලන්ත කණ්ඩායම පිළිබද මනා හැදෑරමකින් තරග වැදුණු ප්‍රංශය නවසීලන්තයේ ජයග්‍රහණය පැතූ සියල්ලගේම හදවත් හී දැඩි තිගැස්මක් ඇති කළා.
තරගාවලියේ ප්‍රථම වටයේ දීම නවසීලන්තය වෙතින් අන්ත පරාජයක් ලැබ සිටි ප්රඃශයේ පිබිදීම නවසීලන්තයේ ජයග්‍රහණයට වඩා ප්‍රංශයේ ජයක් ලෙස සිතීම වැරදි නැත. ජගත් රගර් පිටියේ නවසීලන්තය සහ ප්‍රංශය මෙම තරගයට පෙර තරග අර්ධ ශතකයක් පවත්වා ඇති අතර එම දත්ත අනුවද තරග 37 ක් ම ජය ගෙන තිබෙන්නේ නවසීලන්තය යි.ඒ නිසා නවසීලන්තය ජයගැනීම යනු මහා විශාල අරුමයක් නොවුණ ද,මෙම ප්‍රංශ අභියෝගයේ පෙරමුණේ සිටි තියරි ඩස්ටොයර් නියම නායකයෙකු ලෙස නවසීලන්තයට එරෙහි අවසාන තරගයේ පෑ දක්ෂතා ඔහු එම තරගයේ වීරයා කරන්නට සමත් වුණා.
ලකුණු පූවරුව නොසැලෙන විට එය පළමුව සලිත කිරීමේ ගෞරවය අත් වූයේ නවසීලන්තයේ ටෝනි වොඩ්කොක්ට යි.අනතුරුව නවසීලන්තයේ ස්ටීවන් ඩොනල්ඩ් විසින් සාර්ථක කරගත් ගෝල ප්‍රහාරය ද ඊට එකතු වූවා.නමුත් ප්‍රංශ නායක තියරි ගේ ක්‍රියාත්මක වීමෙන් අනතුරුව තරගය නිම වීමට සෑහෙන කාලයක් තිබිය දී ලකුණු පූවරුව 8 – 7 ක් බවට පත් වූ පසු ක්‍රීඩා පිටියේ සිටි පිරිස පමණක් නොව රූපවාහිණි තිර මත දෑස් අල්වා බලා සිටි පිරිස් ද පුටු ගැටි තෙක් ඉදිරියට ඇදුණා.
1987 මංගල ලෝක කුසලානය ද ප්‍රංශයට එරෙහිව 29 – 9 ක් ලෙස දිනූ නවසීලන්තය දිගින් දිගටම පාහේ ලෝක කුසලානයට පෙරාතුව ජගත් ක්‍රීඩා විචාරකයන් ගේ මෙන්ම ක්‍රීඩා ලෝලීන් ගේ ද මතවාද අනුව ලෝක කුසලානයට අත පොවන මානයේ සිටියා.නමුත් හයවන ලෝක කුසලානයේ සත්කාරකත්වය තම රටට පැමිණ එය සංවිධානය කරමින් ලෝක කසලානය දිනා එය ස්පර්ශ කරන තෙක් නවසීලන්තයට ලෝක කුසලාන උණුසුම යළි විදින්නට නොහැකි වුණා.
ලෝක කුසලාන අවසාන තරගයට පෙර සුපිරික්රිඩා සදහන් කළ පරිදිම නවසීලන්තය අධි විශ්වාසයෙන් හෝ බාහිර පිරිස් ඇති කරගෙන සිටි අධි විශ්වසනීයත්යේ පීඩනය හේතුවෙන් බැට කෑවා.ඒ නිසා තරගය නවසීලන්තයේ සාමාන්‍ය ආක්රමණික රටාවට හසුවෙනු වෙනුවට සියල්ල මෙම අවසාන තරගය මත තබා දැඩි විශ්වසනීයත්වයකින් අභියෝගයට සූදානම් ව සිටි ප්‍රංශයේ ආක්‍රමණයට හසු වුණා.
ප්‍රංශය සිටියේ යමක් නැති වේ යැයි යන හැගීමකින් නෙවන නිසා ඔවුන්ට එල්ල වූ පීඩකය නවසීලන්තයට වඩා අඩු මට්ටමක පැවතුණා.පරාජය වූ විට දැඩිව විවේචනයකට හසු වීමේ බියක් හෝ අවදානමක් වෙනුවට ප්‍රංශයට තිබුණේ සටන් කිරීම යන පරමාර්ථය පමණයි.තමන් පරාජය වූවා කියා අමුත්වෙන් කතා කරන්නට විශාල දේ නැති බව ඔවුන් දැන සිටි අතර විශාල කතා මැවෙන්නට නම් තමන් මෙම තරගය ජය ගත යුතු බව පමණක් ඔවුන් දැන සිටි නිසා තරගයට අවම පීඩනයකින් පැමිණ සිය සැළසුම් මත පිහිටා කටයුතු කරන්නට ප්‍රංශයට අවස්ථාව තිබුණා. ඒ නිසා සමස්ත තරගය ම සැබෑ අවසන් තරගයක ස්වරූපය ගත් අතර තරගයේ තියුණු ස්වභාවය ක්‍රීඩා ලෝලීන්ගේ හදවතට සැබෑ ජයග්‍රහණයක් සහ සුවිශාල වින්දනීය අවස්ථාවක් ගෙන දුන් තරගයක් ලෙස සදාකාලිකවම මතකයේ රැදෙනු නියතයි.
කෙසේ හෝ අපහසුවෙන් ජයගැනීම නිසා නවසීලන්තයේ ජය පැතූ සියල්ලට මෙය ඉතාමත් වටිනා ජයග්‍රහණයක් වනු නියතයි.ඒ නිසා ඒ ජයග්‍රහණයට දායක වූ සියල්ලටම ජය අපේක්ෂා කළ සියල්ලගේ ගෞරවය ආදරය වැඩි වැඩියෙන් හිමිවනවාට සැක නැහැ.කණ්ඩායමක් වශයෙන් ක්‍රීඩා පිටිය තුළ මෙම ජය ලැබුවත් වසර ගණනක් සිය මව් රටෙන් පිටත දී ගෙන එන්නට උත්සාහ කළ ජයග්‍රහණය මව් රටේ දී ලබන්නට භාග්‍යවන්ත වීම පිටුපස සිය දේශයේ ජනතා ආශිර්වාදය ද බල පෑ බව සැකයක් නැහැ. ඒ නිසා ජනතා බලාපොරොත්තු සාක්ෂාත් කළ රගර් වීරයන්ට ආශිර්වාද කිරීමට මග බලන ජනතාවට ඒ සදහා අවස්ථාව දීමටත් ඒ වෙනුවෙන් දිවා රෑ නොබලා ක්‍රීඩකයන් දිරි ගැන්වීම වෙනුවෙන් ජයග්‍රාහී කණ්ඩායමේ ආශිර්වාදය ජනතාවට පිදීමටත් ජයග්‍රාහී රගර් කණ්ඩායම මගට බහින්න තීරණය කරලා.ඒ අනුව 24 දා ඕක්ලන්ඩ් හී ත් 25 දා ක්‍රයිස්චර්ච් හී ත් සහ 26 වන දා වෙලිංටන් හී ත් මෙම කණ්ඩායම මාර්ග සංචාරය කිරීමට නියමිතයි
පහත දැක්වෙන්නෙ අවසාන තරගයේ වීඩියෝ දර්ශන පෙළකි.